රැකියාවක් නැති මගේ මානසික මට්ටම.
දැනට මගේ වයස අවුරුදු 33 ක් පමණ වන අ පො ස (උ පෙළ) ඉහලින්ම සමත් අයෙකි. විශ්ව විද්‍යාලයට ඇතුළුවීමට ලකුණු
කිහිපයක් මදිවුණා. මම දුප්පත්
පවුලක
සාමාජිකයෙකි. මේ දක්වා මා පෞද්ගලික අංශයේ රැකියා කල අතර එමගින් සරිලන වැටුපක් ලැබුනේ නැත. මා ලොකු උසස් මහත්තයාලා වත්
නෝනලාවත් අඳුරන්නේ නැතිකම නිසා මට හොඳ පෞද්ගලික
අංශයේ රැකියාවක් ලබාගන්න බැරිඋනා. හම්බන්තොට නිසා ගොඩක් පෞද්ගලික අංශයේ රැකියා අඩුයි. 2001
පැවැති මහා මැතිවරණයේ සිට (මගේ වයස අවුරුදු 22 සිට) මම පොදුජන එක්සත්
පෙරමුණ වෙනුවෙන් දේශපාලන කටයුතු වලට සහභාගී විය. මෙහිදී මගේ ප්‍රධානම
බලාපොරොත්තුව වුයේ රැකියාවකි. මේ 2011 වර්ශයේ මැද භාගයයි. දෙන මට වයස
අවුරුදු 33 කි. අද දිනද මගේ එකම බලාපොරොත්තුව
රැකියාවකි. දේශපාලන කරලා රැකියාවක් ගන්න ගිහිල්ලා වසර 10 ක් ගතවෙලත් තවම
මගේ බලාපොරොත්තුව ඉටුකර ගන්න බැරි විය. මගේ එකම බලාපොරොත්තුවවත් දේශපාලන පක්ෂයවත් තවම
වෙනස්වී නැත. මම මේවන විට රැකියාවක් ලබාගැනීම සඳහා
දේශපාලන ප්‍රධානීන් වෙත
ලබාදී
ඇති අයඳුම් පත්‍ර ප්‍රමාණය 823 කි. (2011.09.12 දින වනවිට)
තාප්ප ලයිට් කණු මාව හොඳින් හඳුනුවත් දේශපාලනයේ නිරත ලොකු මහත්තුරුන්ටවත් ලොකු අයියලාටවත් මාව හඳුනන්නේ නැති ගානයි. මාව ඒ අයට පේන්න පටන්ගන්නේ ඡන්දයක් ළඟ එනකොට තමයි.මමත් ගොඩාක් ආසයි රැකියාවක් කරලා හොඳ විවාහයක් කරගෙන යහපත් මනුෂයෙක් විදියට ජීවත් වෙන්න. මට කියල තවම ඇඳුමක් වත් ගන්න තරම් අතේ සල්ලි නැහැ. මමත් ආසයි හොඳින් ලස්සනට අඳින්න පළඳින්න. රැකියාවක් නැතුව විඳින දුක වේදනාව දන්නේ රැකියාවක් නැති කෙනා පමණයි. මම දේශපාලනය කරලා බලාපොරොත්තු වුන රැකියාව මට ලබා දෙන්න. මගේ දෙයියනේ.. මම මේ දවස් ටිකේම බෙලිඅත්ත කාර්යාලයට යනවා යනවා මගේ එකම පැතුම ඉටුකර ගන්න.
අනේ දෙවියනේ... මට කම්කරු රැකියාවක්වත් දෙන්න.. නාමල් මහත්තයෝ... මට ඉන්න එකම ඉටු දෙවි ඔබම පමණයි.
තාප්ප ලයිට් කණු මාව හොඳින් හඳුනුවත් දේශපාලනයේ නිරත ලොකු මහත්තුරුන්ටවත් ලොකු අයියලාටවත් මාව හඳුනන්නේ නැති ගානයි. මාව ඒ අයට පේන්න පටන්ගන්නේ ඡන්දයක් ළඟ එනකොට තමයි.මමත් ගොඩාක් ආසයි රැකියාවක් කරලා හොඳ විවාහයක් කරගෙන යහපත් මනුෂයෙක් විදියට ජීවත් වෙන්න. මට කියල තවම ඇඳුමක් වත් ගන්න තරම් අතේ සල්ලි නැහැ. මමත් ආසයි හොඳින් ලස්සනට අඳින්න පළඳින්න. රැකියාවක් නැතුව විඳින දුක වේදනාව දන්නේ රැකියාවක් නැති කෙනා පමණයි. මම දේශපාලනය කරලා බලාපොරොත්තු වුන රැකියාව මට ලබා දෙන්න. මගේ දෙයියනේ.. මම මේ දවස් ටිකේම බෙලිඅත්ත කාර්යාලයට යනවා යනවා මගේ එකම පැතුම ඉටුකර ගන්න.
අනේ දෙවියනේ... මට කම්කරු රැකියාවක්වත් දෙන්න.. නාමල් මහත්තයෝ... මට ඉන්න එකම ඉටු දෙවි ඔබම පමණයි.
දැනට අප රටේ පවතින දේශපාලන ස්ථාවර භාවය හා රැකියා සම්බන්ද විස්තරයක් මෙහි අන්තර්ගතවේ.
අප
රට තුල රැකියාවක් ලබා
ගැනීම සඳහා දේශපාලන සහයෝගයක් තිබීම අනිවාර්ය ලක්ෂණයකි.
බොහොමයක් රැකියා
ලබාදීම මෙලෙස සිදුඋවත් දේශපාලනයේ දරදිය ඇද්ද යට නම් රැකියා
ලැබී ඇති
ප්‍රමාණය ඉතාමත් සීමිතය. මේ සඳහා හේතුකාරණ කිහිපයක් බලපා ඇත.
දේශපාලනයේදී
මැරෙන්නේ වෙනත් කෙනෙකි. ලකුණු වැටෙන්නේ වෙනත් කෙනෙකුටය. තවද
දේශපාලන ඥාති
හිතවත්කම් මත රැකියා ලබාදීම නිසා රැට රැට පෝස්ටර් ගහන අපිවගේ
හරක්ට
හැමදාමත් අදින්න වී ඇත්තේ බරම පමණි. මෙම ලිපිය සකස්කරන මමද
දේශපාලනයේ යෙදුනු අයෙකි. මාගේ බලාපොරොත්තුව වූයේ රජයේ
රැකියාවකි. මම 2001
වසරේ විද්‍යා අංශයෙන් උසස්පෙළ හදාරා B එකයි C තුනක් ගෙන හම්බන්තොට දිස්ත්‍රීක්කයේ 175 වෙනි
ස්ථානය ලබාගත් අයෙකි. තවද රුහුණ
විශ්ව
විද්‍යාලයේ ඉංග්‍රීසි ඩිප්ලෝමාවක්ද හදාරා ඇත.
පවතින
රජය බලයට
පත් කිරීම සඳහා දිවා රෑ නොබලා නිල් බලකාය
යටතේ පෝස්ටර් තාප්ප වල ඇලවූ අවස්ථා හිසේ
කෙස්ගානට ඇත. එනමුදු මා තවමත් රැකියාවක් බලාපොරොත්තුවෙන් හූල්ල හූල්ලා දේශපාලන
වැඩවලට සම්බන්ද වී සිටිමි. සැබවින්ම මම ඉල්ලා සිටින්නේ රජයේ කම්කරු
හෝ පියන් රැකියා අවස්ථාවකි. මා වෙනි බර අඳින අය
ගැන කවදා පින්වත්
කුමරුන්ගේ ඇස ඇරෙවිද? අහෝ
දෙවියනි මා වැනි අය ගැන පින්වත් කුමරුන්ට සැලකර සිටිනු
මැන..
මේවනවිට අප රට තුල රජයේ දෙපාර්තුමේන්තු, මණ්ඩල, අධිකාරී
සහ අනෙකුත් ආයතන වලපවතින පුරප්පාඩු සඳහා ලහි ලහියේ බඳවා ගෙනීම
සිදුකෙරේ. මෙය ප්‍රධාන වශයෙන් සිදුවන්නේ දේශපාලන මාර්ග වලිනි. මෙය දේශපාලනයේ
නිරත සැමට සතුටු දායක පුවතකි. එසේ නමුදු දැනට රැකියා ලැබී ඇති අයගෙන්
වැඩිපිරිසක් සෘජු දේශපාලනයේ නොයෙදුණු අය බව දේශපාලනයේ නිරත අය හොඳින්
දන්නා කාරනාවකි. මේ සම්බන්දයෙන් තම දේශපාලන මන්ත්‍රීවරුන් සමග ගැටුම්
හා හිත අමනාපකම් ඇති වූ හා ඇතිවන අවස්ථා ප්‍රමාණයද වැඩිවී ඇත. මින් එක්
කාරනාවක් නම් දේශපාලන හිතවතුන්ගේ ඥාතීන්ට රැකියා ලබාදීමයි. විපක්ෂයේ දේශපාලන
කටයුතු වල නිරත අයට රැකියා ලැබීම අනෙක් කාරණාවයි. මෙවැනි අක්‍රමිකතා
නිසා දේශපාලනයේ නිරත සැමදෙනා තුලම දැඩි කලකිරුණු බාවයක් හා ඇල්මැරුණු
භාවයක් ඇත. මෙවැනි තත්වයන් ප්‍රසිද්ධියේ විවේචනය කරන අය තම පාක්ෂික
දේශපාලනයෙන් කාපා දමන බවක්ද පෙනේ. මේ හේතුව නිසා කිසිවකු පවතින දේශපාලන
අප්‍රසන්න භාවය විවේචනය කිරීමට නොපෙළඹේ. මෙමෙ ලිපිය සකස්කරන මා හටද සිදුවනදේ
ද ඔබට සිතා ගැනීමට හැකියාව ඇත. මා සැබවින්ම වර්ථමාන රජය පත්කිරීම සඳහා දිවා රෑ
නොබලා බිම්මට්ටමින් පෝස්ටර් ඇලවූ අයෙකි. මා පොදුජන
එක්සත් පෙරමුණට සැබවින්ම ආදරය කරන්නෙකි. මා කිසිදිනක මෙම පක්ෂය
අතහැර වෙනත් පක්ෂයකට නොයන්නෙකි. මක්නිසාද වර්ථමාන ජනාධිපතිතුමා
මේ රට වෙනුවෙන් කල මහගු සේවයයි. අපවැනි අය වෙනුවෙන් පෞද්ගලිකව සැලකීම්
නොකලත් පොදුවේ කරන සේවාවන් ගැන අප පාක්ෂිකයන් තුල කාලගුණ සැලකීමේ ගුණාංගය
ඇත. රට
තුල සිදුවන දැවැන්ත සංවර්ධනය ඇස් පෙනෙන කා හටත්
දැකබලාගත හැකිය.
රටතුල ඇති මාර්ග පද්ධතියේ සංවර්ධනය අතිශයින්ම වැදගත්ය. මෙවැනි
සංවර්ධනයකට ඇත පොවාසිටින රජය තුල සිටින සමහර දේශපාලන බලවතුන්ගේ
ක්‍රියා කලාපයන් නිසා අපවැනි අය තවමත් මහපාරේ සිටීමට සිදුවීම ඉතාමත්
කනගාටුවට හේතුවකි.
රජයේ රැකියා පුරප්පාඩු
පිරවීම කටයුතු දැනට සිදුකෙරේ.
0 comments:
Post a Comment