Tuesday, September 27, 2011

මෙන්න අහගන්නකෝ අඩු වියදමකින් මී කතුරු සාදාගන්නා අකාරය..

මෙන්න අහගන්නකෝ අඩු වියදමකින් මී කතුරු සාදාගන්නා අකාරය..
             ඔන්න දවසක පිස්සන් කොටුවේ පුංචි තාලේ උත්සවයක් තිබුණා. මේ උත්සවය තමයි පිස්සන්කොටුවේ හිටපු පිස්සෝ 45 දෙනෙක් පුනුරුත්තාපනය කරලා සමාජයට යහපත් පුරවැසියන් ලෙස මුදා හැරීමයි. මේ වැදගත් ජාතික උත්සවයට අපේ මැති ඇමති වරුන්ද සහභාගී උනා. උත්සවය ජයටම කෙරීගෙන යනකොට ඊ ලඟට තිබුණු මාතෘකාව තමයි පුනුරුත්තාපනය ඌ අයගේ කතා ඉදිරිපත් කිරීමේ අවස්ථාව. මේක ඉතින් වැදගත් නිසා පැමිණසිටි කාගේත් අවධානයට යොමු උණා. පළමුවෙන්ම තිබුනේ ජගත් අල්ල පනල්ලගේ කතාව. ඔහුගේ කතාවෙන් ඔහු වසර දෙකක් තුල ලැබූ පුහුණුව කොහොමද ඔහුගේ අනාගත ජීවිතය සාර්ථක කර ගන්නනේ කියල තමයි ඔහුගේ කතාවෙන් පැහැදිලි උනේ. ඔහුගේ මාතෘකාව උනේ අඩු වියදමකින් මී කතුරු සාදන ආකාරයයි.

           ඔහුගේ ක්‍රමයට අනුව මේසඳහා අවශ්‍ය වන්නේ ලෑලි කැල්ලක්, අඟල් 2 කේ ඇන දෙකක්, කම්බි කැල්ලක්, මාළු කැල්ලක් හා මස් කැල්ලක් පමණි. පළමුව ලෑල්ල උඩ ඇන දෙක අඟල් 6 ක පරතරය සිටින සේ, ගසා තදින් සවිකර ගෙන ඒ දෙක අතර මල් කම්බියක් හොඳින් ඇදෙන සේ තදින් ගැටගසා ගන්නවා. ඊට පසු එක ඇනයක් උඩින් මාළු කැල්ලද අනෙක් ඇණය උඩින් මස්  කැල්ලද තබනවා. ඉන්පසුව මෙම ආකෘතිය මීයන් ගැවසෙන් ස්ථානයක තබනවා. ඔන්න ඉතින් කරුමක්කාර මීයෙක් ඔතනට දුවගෙන් ඇවිල්ල ඇණ දෙක අතර බැඳලා තියෙන කම්බිය උඩින් ඔලුව තියාගෙන "මම මුලින්ම මාළු කැල්ලද කන්නේ මස් කැල්ලද කන්නේ... මාළු කැල්ලද කන්නේ මස් කැල්ලද කන්නේ... මාළු කැල්ලද කන්නේ මස් කැල්ලද කන්නේ..." යනුවන් උගේ ඔලුව දෙපැත්තට හරවා හරවා ඉන්නකොට බෙල්ල තියලා තියෙන කම්බියට ටිකටික උගේ බෙල්ල කැපෙන්න පටන් ගන්නවා. එතකොට  මීයා මැරෙනවා කියලා ඔහු ඔහුගේ කතාව ඉවර කළා. පැමිණ සිටි හැමෝම උද්දාමයෙන් අප්පුඩි ගැහුවා එක්කෙනෙක් හැර. ඒ තමයි මෙම කන්දවූරේ පුහුණුව ලැබූ පොඩි හාමු. රැස්ව සිටි ජනතාව ඊ ලඟට ඇමතීමට තිබුනේද ඔහුටය.

       ඔහු ඔහුගේ මිතුරාගේ ක්‍රමය වියදම් වැඩි බව කියා සිටිමින් ඔහුට මේ සඳහා තවත් අඩු පිරි වැයකින් මී කතුරු සෑදිය හැකි බව කියා සිටියා. පැමිණ සිටි හැමෝගේම අවධානය ඔහුට යොමු වුණා.
         ඔහුගේ ක්‍රමයට අනුව ඔහුට අවශ්‍ය වන්නේ ලෑලි කැල්ලක්, අඟල් 2 කේ ඇන 2 කක්, හා මල් කම්බි කැල්ලක් පමණි. ඉහත පරිදීම ලෑල්ල උඩ අඟල් 6 ක පරතරය සිටින සේ ඇන දෙක සවිකර ගෙන ඒ දෙක අතර කම්බිය තදින් ඇදෙන සේ ගැට ගසා ගන්නවා. ඉන්පසුව මෙම ආකෘතිය මීයන් ගැවසෙන ස්ථානයක තබනවා. ඉතින් ඔතනට මීයෙක් ආව ගමන් ඇන දෙක අතර ඇති කම්බිය උඩින් බෙල්ල තියාගෙන ඌ කියනවලු මෙහෙම "අද මාළු කෑල්ලත් නෑ මස් කැල්ලත් නෑ... මාළු කෑල්ලත් නෑ මස් කැල්ලත් නෑ.. " කියලා. එතකොට මීයාගේ බෙල්ල ටික ටික කම්බියට කැපෙනවා කියල. රැස්ව සිටි ජනතාවත් මැති ඇමැතිවරුත් මෙම සාර්ථක වැඩපිළිවෙල ගැන ප්‍රසංසාත්මකව කතා බහට ලක්විය.

තුන්වන ලෝකයේ ඇති පන්ති භේදය

තුන්වන ලෝකයේ ඇති පන්ති භේදය
        ආසියානු මහාද්වීපයේ ඇති බොහොමයක් රටවල් නොදියුණු රටවල් ගණයට අයත්වේ. මෙම රටවල ජනතාව හා පාලකයින් සිතනුයේ ඔවුන් දියුනුව කරා වේගයෙන් ගමන් කරන උදාර සංස්කෘතීන් හිමි ජාතීන් වෙසෙන රටවල් ලෙස වීම පුදුම දනවන්නකි. සැබවින්ම මෙය එසේමද? නැත.

      මෙවැනි තුන්වන ලෝකයේ රටවල ප්‍රධාන වශයෙන් පන්ති භේදය හා කුල භේදය පවතින අතර පෞද්ගලික වාසි අරමුණු කරගත් ජනතා උසිගැන්වීම් වලින් පිරී ඇත. මීට ප්‍රධාන හේතුව මෙම රටවල වෙසෙන ජනතාව උගත් උවත් බුධිමත් නොවීමයි. මෙවැනි උගත් මෝඩ ජනතාවන් වෙසෙන රටවල, පෞද්ගලික අරමුණු අපේක්‍ෂා ඉටුකර ගැනීමට මාන බලන යක්ෂයින් නිසා ප්‍රජාතන්ත්‍රවාදය, මානුෂිකත්වය, හා සාධාරණත්වය වැනි ගුණාංග පිරිහී ඇති බවක් පෙනේ. ඒකාධිපතිත්වය, මැර බලය හා මුදල් යටිමඩි ගැසීම වැනි දෑ සමස්ථ රට වල් පුරාම පැතිරී ඇත. එසේ නමුදු මෙම රටවල පාලකයින්, බලධාරීන්, හා ජනමාධ්‍ය මෙම තත්වයන් ලෝකය හමුවේ වසන් කර තබන්නට ගත හැකි උපරිම උත්සාහයන් ගන්නා බව පෙනේ. එනම් මෙම රටවල් සැබෑ තත්වයන් වසංකිරීම සිදුකරන අතර ඔවුන් ලෝකය හමුවේ කියා සිටින්නේ තමන් ප්‍රෞඩ ඉතිහාසයකට උරුම කම් කියන ශිෂ්ට සම්පන්න ජාතීන් බවයි.
      ඉහත කරුණු කරන වලට අනුව මෙම රටවල් තවදුරටත් නොදියුණු තත්වයේ පවතිනු ඇති බව ඇමරිකානු සමාජ විද්‍යාඥයන්ද අනාවැකි පළකර ඇත. මෙම රටවල ජනතාව තුල චින්තන බුද්ධි අරගලයක් ඇතිකරන අධ්‍යාපන ක්‍රමයක් නොමැතිවීම හා දැනට පවතින අධ්‍යාපන ක්‍රමය තුලින් රජු-දාසියා සම්බන්දතාවය වර්ධනය කරන නුතන වැඩවසම් යුගය ඇති කරන්නක් බව පැහැදිලිය. කොපමණ අධ්‍යාපනය ලැබුවත්, හොඳට ඉංග්‍රීසි භාෂාව කතාකලත්, අන්තර් ජාලය තුල පිනුම් ගැහුවත් පලක් නොවන බව කිව හැකිය. උදාහරණයකට වෛද්‍ය වරයා සහ රෝගියා අතර සම්බන්දතාව සලකන්න. මොවුන් දෙදෙනා අතර භෞතික හා මානසික සම්බන්දතාවය සලකමු.  මෙහිදී රෝගියා වෛද්‍යවරයා දකිනුයේ තම ඉටු දෙවියකු ලෙසය එනම් රජෙකු ලෙසය. වෛද්‍යවරයාට තම රෝගියා පෙනෙනුයේ තමාට වඩා උගත් නැති තමාට තරම් සැපසම්පත් නැති අසරණයකු ලෙසය. එනම් දාසයකු ලෙසය. මෙහිදී වෛද්‍යවරයාට  රජෙකු සේ තම අණසක  පැතිරවීමට හැකියාව ඇත.
     මෙවැනි රටවල් තුල පන්ති බේදය හට ගැනීමට මෙම කර්ණා බලපෑ ඇත.

රටේ ආර්ථිකය හා පිස්සු මල්ලිගේ දුප්පත් පොකැට්ටුව.

රටේ ආර්ථිකය හා පිස්සු මල්ලිගේ දුප්පත් පොකැට්ටුව.
         රක්ෂාවක් සොයා ගන්න කියල දේශපාලනය කල මා පෞද්ගලික රැකියාවක් සොයා ගන්න කියලා 2011.09.12 දින හම්බන්තොට ඉඳලා කොළඹට යන්න පිටත් උනා. මම උදේ 3 විතර හම්බන්තොටින් පිටත් වෙන බස් එකකට තමයි ගොඩවුනේ. මම ඉතින් ඉක්මනටම ළඟ තිබුණු සීට් එකක වාඩි උනා. මගේ ලඟට ආපු කොන්දොස්තර අයියා මට දෙලොව රත්වෙන ටිකට් එකක් දුන්නා. මම ටිකක් විස්තර අහනකොට එයා කීවා මේක අර්ධ සුපෝකබෝගී බස් එකක් කියලා. මා ගාව ඒ තරම් මුදලක් ගෙවලා එකේ යන්න තරම් දුප්පත් මට හැකියාව තිබුනේ නෑ. ඉතින් මම කිලෝමීටරයක් විතර එහායින් බැහැගත්තා. මගේ හොඳට ඇස් පෙනෙන කෙනෙක් උනත් ඒ බස් එකේ කිසිම තැනක අර්ධ සුපෝකබෝගී කියලා ගහලා තිබුනේ නෑ. මොකද බස් එක ස්ටෑන්ඩ් එකේ නවත්වලා තියෙනකොට මම එක වටේ කැරකි කැරකි බැලුවා. ඒක නිසායි මම එකට නැග්ගේ. මම බැහැපු තැන අයියලා දෙන්නෙක් හිටියා. මම ඒගොල්ලන්ට මට උන දේ කීවා. එතකොට ඒගොල්ලෝ කීවා ගොඩාක් අර්ධ සුපෝකබෝගී බස් වල බෝඩ් නැතුව තමයි දුවන්නේ කියලා. බස් එකට නැගලා ටිකට් ඒක දෙනකොට තමයි නැග්ගේ සාමාන්‍ය සේවා බස් එකකටද නැත්නම් අර්ධ සුපෝකබෝගී බස් එකකටද කියලා තේරෙන්නේ. ඔහොම තමයි බස් මුදලාලිලා අහිංසක මිනිස්සු මරන් කන්නේ කියලා. මට ඒ වෙලාවේ මං ගැන දුකකුත් ආවා. මටත් ජොබ් එකක් තිබුනා නම් මට ඒ බස් එකෙන් කොළඹට යන්න තිබුනා කියලා. ඉතින් මම ගොඩාක් වෙලා සාමාන්‍ය සේවා බස් එකක එනතුරු බලාගෙන හිටියා. උදේ 6 ටත් කිට්ටු උනාට පස්සේ තමයි බස් එකක් ආවේ. බලනකොට එකත් දුප්පත් මාව මරාගෙන කන සංගමයේ බස් එකක් කියලා තේරුනේ ටිකට් ඒක අතට දුන්නට පස්සේ. මගේ අතේ සන්තකයටම තුබුණු රු 1000 කොන්දොස්තරට දුන්නාට පස්සේ ඔහු මට ඉතුරු සල්ලි විදියට රු 650 ක් දුන්නා. ඒ කියන්නේ ටිකට් එකට රු 350 ක් උනා කියන ඒක. මම ඉතින් ඒක ගුලි කරගෙන සාක්කුවට දාගත්තා. බස් ඒක අම්බලන්ගොඩ හරියේ කඩේක නැවැත්තුව තේ බොන්න කියලා. රැට කෑවෙත් නැති මට ලොකු බඩගින්නකුයි පිපාසයකුයි තිබුන නිසා බනිස් ගෙඩියකුයි ප්ලේන්ටියකුයි ගත්තා එකේ මිල රු 50 යි. කොහොම ගණන් හැදුවද මන්දා. හැම තැනම මම වගේ දුප්පත් අහිංසකයෝ මරාගෙන කන තැන්. බඩගින්නට කෑවට බිල දුන්නම තමයි මම කලේ වැරැද්දක් කියලා තේරුනේ. දුප්පත් මට කඩවලින් කෑම ගැනීම හොඳ නැති දෙයක් කියලා මම හිතා ගත්තා. මට පුදුමයි සල්ලි තියෙන අය නම් කිසිම ගානක් නැතුව ලොකු ගණන් දීලා ගන්න පැණි බීම වර්ගත් බිවුවා. වෙලාව දවල් 12.30 ට විතර කොළඹට අවා. මම බස් එකෙන් බැස්ස ගමන්ම දිවුවේ ටොයිලට් එකට. එකේ ඉඳලා එනකොට රු 10 ක් දෙන්න උනා. බඩගින්න තිබුනත් කරන්න දෙයක් නෑ මොකද අතේ තියෙන්නේ රු 590 යි.
                මම අවේ රැකියාවක් හොයා ගන්න නිසා මම මගේ අතේ තිබුන ලිපිනය සොයාගෙන ජා ඇල ට යන බස් එකකට ගොඩ උනා. සම්මුඛ පරීක්ෂණය තිබුනේ ජා ඇල. එකට ආපු හැමෝම ලස්සනට ඇඳගෙන ඇවිල්ල තිබුන නිසා මට පොඩි දුකකුත් අවා. මොකද මම අන්දන්ගිය ඇඳුම එතරම් අලුත් එකක් නොවුන නිසා. කොහොම උනත් මම පරීක්ෂණය සමත් උනා. ඉතින් මට ඒ මහත්තයා කිවුව හෙට ඉඳලා උනත් වැඩට එන්න පුළුවන් කියලා. පඩිය ලැබෙන්නේ මාසේ අන්තිමට නිසා මට කොළඹ නවතින්න තැනක් ගන්න බැරිබව මට තේරුනා. මට නොකා නොබී මාසයක් ඉන්න බැනේ කියලා මට දැනුනා. ඉතින් මට මම වෙනුවෙන් කල හැකි දෙයක් තිබුනේ නෑ.  ඉතින් මම ආපහු කොටුවට ඇවිල්ල ටොයිලට් එකට නැවතත් මට යන්න සිද්ද උනා. තවත් රු 10 ක් දෙන්න උනා. මුත්‍රා අමාරුව හැදුන කෙනෙක් දවසට 5 වතාවක් ගියොත් රු 50 ක් ටොයිලට් වලටම වෙන් කරන්න වෙලා. ඔය පාර දුර ගමනක් යනකොට බස් ගාස්තුවයි, කෑම ගාස්තුවයි, හිඟන්නන් සඳහා මුදලකුයි, ටොයිලට් වල වෙනම මුදලකුයි ගෙන්න වෙලා තියනවා. මම වගේ කෙනෙක් මේවගේ වියදමක් කොහොමනම් දරා ගන්නද? දෙවියනේ..  මගේ අතේ ඒ වෙනකොට ඉතුරු වෙලා තිබුනේ රු 500 ක් විතරයි. වෙලාව 3.45 ට කිට්ටුයි. පිපාසයට වතුර බිබී හිටියත් බඩගින්න දරාගන්න බැරිම තැන කඩේකට ගිහිල්ල බනිස් ගෙඩියකුයි ප්ලේන්ටියකුයි ගත්තා. හැබැයි එතනදී නම් ගත්තේ රු 35 යි. මට පුදුමයි එකම දේට තැන් දෙකක මිල වල් දෙකයි. මේක ඉතින් ලංකාවනේ.. දැන් මට පෞද්ගලික රැකියාවක් වත් කරන්න තියෙන අවස්ථාව ටිකෙන් ටික මග හැරෙමින් තමයි තියෙන්නේ. මොකද දැන් මට වයස අවුරුදු 33 ක් විතර වෙනවනේ. දේශපාලනය කරලා රැකියාවක් සොයාගන්න ගිය මට දැන් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ මොකක්ද? මේ ලිපිය කියවන ඔබට කියන්න කැමතියි මේ ලෝකේ දෙවිවරු නෑ කියලා. අපි කොයි තරම් දෙවිවරුන්ට අපේ දුක කිවුවත් අහන්න කියලා කිසිම කෙනෙක් නෑ. අනේ මන්දා මේක මටම විතරද කියලා. ඔබට මා වෙනුවෙන් යම් දෙයක් කල හැකිනම් මාව සම්බන්ද කර ගන්න.

රැකියාවක් නැති මගේ මානසික මට්ටම.

රැකියාවක් නැති මගේ මානසික මට්ටම.

      දැනට මගේ වයස අවුරුදු 33 ක් පමණ වන අ පො ස (උ පෙළ) ඉහලින්ම සමත් අයෙකි. විශ්ව විද්‍යාලයට ඇතුළුවීමට ලකුණු කිහිපයක් මදිවුණා. මම දුප්පත් පවුලක සාමාජිකයෙකි. මේ දක්වා මා පෞද්ගලික අංශයේ රැකියා කල අතර එමගින් සරිලන වැටුපක් ලැබුනේ නැත. මා ලොකු උසස් මහත්තයාලා වත් නෝනලාවත් අඳුරන්නේ නැතිකම නිසා මට හොඳ පෞද්ගලික අංශයේ රැකියාවක් ලබාගන්න බැරිඋනා. හම්බන්තොට නිසා ගොඩක් පෞද්ගලික අංශයේ රැකියා අඩුයි. 2001 පැවැති මහා මැතිවරණයේ සිට (මගේ වයස අවුරුදු 22 සිට) මම පොදුජන එක්සත් පෙරමුණ වෙනුවෙන් දේශපාලන කටයුතු වලට සහභාගී විය. මෙහිදී මගේ ප්‍රධානම බලාපොරොත්තුව වුයේ රැකියාවකි. මේ 2011 වර්ශයේ මැද භාගයයි. දෙන මට වයස අවුරුදු 33 කි. අද දිනද මගේ එකම බලාපොරොත්තුව රැකියාවකි. දේශපාලන කරලා රැකියාවක් ගන්න ගිහිල්ලා වසර 10 ක් ගතවෙලත් තවම මගේ බලාපොරොත්තුව ඉටුකර ගන්න බැරි විය. මගේ එකම බලාපොරොත්තුවවත් දේශපාලන පක්ෂයවත් තවම වෙනස්වී නැත. මම මේවන විට රැකියාවක් ලබාගැනීම සඳහා දේශපාලන ප්‍රධානීන් වෙත  ලබාදී ඇති අයඳුම් පත්‍ර ප්‍රමාණය 823 කි. (2011.09.12 දින වනවිට) 
     තාප්ප ලයිට් කණු මාව හොඳින් හඳුනුවත් දේශපාලනයේ නිරත ලොකු මහත්තුරුන්ටවත් ලොකු අයියලාටවත් මාව හඳුනන්නේ නැති ගානයි. මාව ඒ අයට පේන්න පටන්ගන්නේ ඡන්දයක්  ළඟ එනකොට තමයි.මමත් ගොඩාක් ආසයි රැකියාවක් කරලා හොඳ විවාහයක් කරගෙන යහපත් මනුෂයෙක් විදියට ජීවත් වෙන්න. මට කියල තවම ඇඳුමක් වත් ගන්න තරම් අතේ සල්ලි නැහැ. මමත් ආසයි හොඳින් ලස්සනට අඳින්න පළඳින්න. රැකියාවක් නැතුව විඳින දුක වේදනාව දන්නේ රැකියාවක් නැති කෙනා පමණයි. මම දේශපාලනය කරලා බලාපොරොත්තු වුන රැකියාව මට ලබා දෙන්න. මගේ දෙයියනේ.. මම මේ දවස් ටිකේම බෙලිඅත්ත කාර්යාලයට යනවා යනවා මගේ එකම පැතුම ඉටුකර ගන්න. 
   අනේ දෙවියනේ... මට කම්කරු රැකියාවක්වත් දෙන්න.. නාමල් මහත්තයෝ...  මට ඉන්න එකම ඉටු දෙවි ඔබම පමණයි.

දැනට අප රටේ පවතින දේශපාලන ස්ථාවර භාවය හා රැකියා සම්බන්ද විස්තරයක් මෙහි අන්තර්ගතවේ.
            අප රට තුල රැකියාවක් ලබා ගැනීම සඳහා දේශපාලන සහයෝගයක් තිබීම අනිවාර්ය ලක්ෂණයකි. බොහොමයක් රැකියා ලබාදීම මෙලෙස සිදුඋවත් දේශපාලනයේ දරදිය ඇද්ද යට නම් රැකියා ලැබී ඇති ප්‍රමාණය ඉතාමත් සීමිතය. මේ සඳහා හේතුකාරණ කිහිපයක් බලපා ඇත. දේශපාලනයේදී මැරෙන්නේ වෙනත් කෙනෙකි. ලකුණු වැටෙන්නේ වෙනත් කෙනෙකුටය. තවද දේශපාලන ඥාති හිතවත්කම් මත රැකියා ලබාදීම නිසා රැට රැට පෝස්ටර් ගහන අපිවගේ හරක්ට හැමදාමත් අදින්න වී ඇත්තේ බරම පමණි. මෙම ලිපිය සකස්කරන මමද දේශපාලනයේ යෙදුනු අයෙකි. මාගේ බලාපොරොත්තුව වූයේ රජයේ රැකියාවකි. මම 2001 වසරේ විද්‍යා අංශයෙන් උසස්පෙළ හදාරා B එකයි C තුනක් ගෙන හම්බන්තොට දිස්ත්රීක්කයේ 175 වෙනි ස්ථානය ලබාගත් අයෙකි. තවද රුහුණ විශ්ව  විද්‍යාලයේ ඉංග්‍රීසි ඩිප්ලෝමාවක්ද හදාරා ඇත.
     පවතින රජය බලයට පත් කිරීම සඳහා දිවා රෑ නොබලා නිල් බලකාය යටතේ පෝස්ටර් තාප්ප වල ඇලවූ අවස්ථා හිසේ කෙස්ගානට ඇත. එනමුදු මා තවමත් රැකියාවක් බලාපොරොත්තුවෙන් හූල්ල හූල්ලා දේශපාලන වැඩවලට සම්බන්ද වී සිටිමි. සැබවින්ම මම ඉල්ලා සිටින්නේ රජයේ කම්කරු හෝ පියන් රැකියා අවස්ථාවකි. මා  වෙනි බර අඳින අය ගැන කවදා පින්වත් කුමරුන්ගේ ඇස ඇරෙවිද? අහෝ දෙවියනි මා වැනි අය ගැන පින්වත් කුමරුන්ට සැලකර සිටිනු මැන..
 

රජයේ රැකියා පුරප්පාඩු පිරවීම කටයුතු දැනට සිදුකෙරේ.
     මේවනවිට අප රට තුල රජයේ දෙපාර්තුමේන්තු, මණ්ඩල, අධිකාරී සහ අනෙකුත් ආයතන වලපවතින පුරප්පාඩු සඳහා ලහි ලහියේ බඳවා ගෙනීම සිදුකෙරේ. මෙය ප්‍රධාන වශයෙන් සිදුවන්නේ දේශපාලන මාර්ග වලිනි. මෙය දේශපාලනයේ නිරත සැමට සතුටු දායක පුවතකි. එසේ නමුදු දැනට රැකියා ලැබී ඇති අයගෙන් වැඩිපිරිසක් සෘජු දේශපාලනයේ නොයෙදුණු අය බව දේශපාලනයේ නිරත අය හොඳින් දන්නා කාරනාවකි. මේ සම්බන්දයෙන් තම දේශපාලන මන්ත්‍රීවරුන් සමග ගැටුම් හා හිත අමනාපකම් ඇති වූ හා ඇතිවන අවස්ථා ප්‍රමාණයද වැඩිවී ඇත. මින් එක් කාරනාවක් නම් දේශපාලන හිතවතුන්ගේ ඥාතීන්ට රැකියා ලබාදීමයි. විපක්ෂයේ දේශපාලන කටයුතු වල නිරත අයට රැකියා ලැබීම අනෙක් කාරණාවයි. මෙවැනි අක්‍රමිකතා නිසා දේශපාලනයේ නිරත සැමදෙනා තුලම දැඩි කලකිරුණු බාවයක් හා ඇල්මැරුණු භාවයක් ඇත. මෙවැනි තත්වයන් ප්‍රසිද්ධියේ විවේචනය කරන අය තම පාක්ෂික දේශපාලනයෙන් කාපා දමන බවක්ද පෙනේ. මේ හේතුව නිසා කිසිවකු පවතින දේශපාලන අප්‍රසන්න භාවය විවේචනය කිරීමට නොපෙළඹේ. මෙමෙ ලිපිය සකස්කරන මා හටද සිදුවනදේ ද ඔබට සිතා ගැනීමට හැකියාව ඇත. මා සැබවින්ම වර්ථමාන රජය පත්කිරීම සඳහා දිවා රෑ නොබලා බිම්මට්ටමින් පෝස්ටර් ඇලවූ අයෙකි. මා පොදුජන එක්සත් පෙරමුණට සැබවින්ම ආදරය කරන්නෙකි. මා කිසිදිනක මෙම පක්ෂය අතහැර වෙනත් පක්ෂයකට නොයන්නෙකි. මක්නිසාද වර්ථමාන ජනාධිපතිතුමා මේ රට වෙනුවෙන් කල මහගු සේවයයි. අපවැනි අය වෙනුවෙන් පෞද්ගලිකව සැලකීම් නොකලත් පොදුවේ කරන සේවාවන් ගැන අප පාක්ෂිකයන් තුල කාලගුණ සැලකීමේ ගුණාංගය ඇත. රට තුල සිදුවන දැවැන්ත සංවර්ධනය ඇස් පෙනෙන කා හටත් දැකබලාගත හැකිය. රටතුල ඇති මාර්ග පද්ධතියේ සංවර්ධනය අතිශයින්ම වැදගත්ය. මෙවැනි සංවර්ධනයකට ඇත පොවාසිටින රජය තුල සිටින සමහර දේශපාලන බලවතුන්ගේ ක්‍රියා කලාපයන් නිසා අපවැනි අය තවමත් මහපාරේ සිටීමට සිදුවීම ඉතාමත් කනගාටුවට හේතුවකි.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money