Tuesday, September 27, 2011

මෙන්න අහගන්නකෝ අඩු වියදමකින් මී කතුරු සාදාගන්නා අකාරය..

මෙන්න අහගන්නකෝ අඩු වියදමකින් මී කතුරු සාදාගන්නා අකාරය..
             ඔන්න දවසක පිස්සන් කොටුවේ පුංචි තාලේ උත්සවයක් තිබුණා. මේ උත්සවය තමයි පිස්සන්කොටුවේ හිටපු පිස්සෝ 45 දෙනෙක් පුනුරුත්තාපනය කරලා සමාජයට යහපත් පුරවැසියන් ලෙස මුදා හැරීමයි. මේ වැදගත් ජාතික උත්සවයට අපේ මැති ඇමති වරුන්ද සහභාගී උනා. උත්සවය ජයටම කෙරීගෙන යනකොට ඊ ලඟට තිබුණු මාතෘකාව තමයි පුනුරුත්තාපනය ඌ අයගේ කතා ඉදිරිපත් කිරීමේ අවස්ථාව. මේක ඉතින් වැදගත් නිසා පැමිණසිටි කාගේත් අවධානයට යොමු උණා. පළමුවෙන්ම තිබුනේ ජගත් අල්ල පනල්ලගේ කතාව. ඔහුගේ කතාවෙන් ඔහු වසර දෙකක් තුල ලැබූ පුහුණුව කොහොමද ඔහුගේ අනාගත ජීවිතය සාර්ථක කර ගන්නනේ කියල තමයි ඔහුගේ කතාවෙන් පැහැදිලි උනේ. ඔහුගේ මාතෘකාව උනේ අඩු වියදමකින් මී කතුරු සාදන ආකාරයයි.

           ඔහුගේ ක්‍රමයට අනුව මේසඳහා අවශ්‍ය වන්නේ ලෑලි කැල්ලක්, අඟල් 2 කේ ඇන දෙකක්, කම්බි කැල්ලක්, මාළු කැල්ලක් හා මස් කැල්ලක් පමණි. පළමුව ලෑල්ල උඩ ඇන දෙක අඟල් 6 ක පරතරය සිටින සේ, ගසා තදින් සවිකර ගෙන ඒ දෙක අතර මල් කම්බියක් හොඳින් ඇදෙන සේ තදින් ගැටගසා ගන්නවා. ඊට පසු එක ඇනයක් උඩින් මාළු කැල්ලද අනෙක් ඇණය උඩින් මස්  කැල්ලද තබනවා. ඉන්පසුව මෙම ආකෘතිය මීයන් ගැවසෙන් ස්ථානයක තබනවා. ඔන්න ඉතින් කරුමක්කාර මීයෙක් ඔතනට දුවගෙන් ඇවිල්ල ඇණ දෙක අතර බැඳලා තියෙන කම්බිය උඩින් ඔලුව තියාගෙන "මම මුලින්ම මාළු කැල්ලද කන්නේ මස් කැල්ලද කන්නේ... මාළු කැල්ලද කන්නේ මස් කැල්ලද කන්නේ... මාළු කැල්ලද කන්නේ මස් කැල්ලද කන්නේ..." යනුවන් උගේ ඔලුව දෙපැත්තට හරවා හරවා ඉන්නකොට බෙල්ල තියලා තියෙන කම්බියට ටිකටික උගේ බෙල්ල කැපෙන්න පටන් ගන්නවා. එතකොට  මීයා මැරෙනවා කියලා ඔහු ඔහුගේ කතාව ඉවර කළා. පැමිණ සිටි හැමෝම උද්දාමයෙන් අප්පුඩි ගැහුවා එක්කෙනෙක් හැර. ඒ තමයි මෙම කන්දවූරේ පුහුණුව ලැබූ පොඩි හාමු. රැස්ව සිටි ජනතාව ඊ ලඟට ඇමතීමට තිබුනේද ඔහුටය.

       ඔහු ඔහුගේ මිතුරාගේ ක්‍රමය වියදම් වැඩි බව කියා සිටිමින් ඔහුට මේ සඳහා තවත් අඩු පිරි වැයකින් මී කතුරු සෑදිය හැකි බව කියා සිටියා. පැමිණ සිටි හැමෝගේම අවධානය ඔහුට යොමු වුණා.
         ඔහුගේ ක්‍රමයට අනුව ඔහුට අවශ්‍ය වන්නේ ලෑලි කැල්ලක්, අඟල් 2 කේ ඇන 2 කක්, හා මල් කම්බි කැල්ලක් පමණි. ඉහත පරිදීම ලෑල්ල උඩ අඟල් 6 ක පරතරය සිටින සේ ඇන දෙක සවිකර ගෙන ඒ දෙක අතර කම්බිය තදින් ඇදෙන සේ ගැට ගසා ගන්නවා. ඉන්පසුව මෙම ආකෘතිය මීයන් ගැවසෙන ස්ථානයක තබනවා. ඉතින් ඔතනට මීයෙක් ආව ගමන් ඇන දෙක අතර ඇති කම්බිය උඩින් බෙල්ල තියාගෙන ඌ කියනවලු මෙහෙම "අද මාළු කෑල්ලත් නෑ මස් කැල්ලත් නෑ... මාළු කෑල්ලත් නෑ මස් කැල්ලත් නෑ.. " කියලා. එතකොට මීයාගේ බෙල්ල ටික ටික කම්බියට කැපෙනවා කියල. රැස්ව සිටි ජනතාවත් මැති ඇමැතිවරුත් මෙම සාර්ථක වැඩපිළිවෙල ගැන ප්‍රසංසාත්මකව කතා බහට ලක්විය.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money