Thursday, October 20, 2011

මහජනයාගේ නාලිකාව හෙවත් සියල්ලෝම රවටන සතුරා..

මහජනයාගේ නාලිකාව හෙවත් සියල්ලෝම වටන තුරා..

         මේ දින වල එක්තරා නාලිකාවක විකාශනය වන මෙගා ටෙලි නාට්‍ය මාලාවක් වන "වසූදා", "කාව්‍යා", හා  "පතිනි" ලංකාවේ සිටින මවුපියන් සහ තරුණ පරම්පරාව කට ඇරගෙන බලන කොඩිවිනයකි. මෙම කොඩිවිනය සතියේ දින පහේම දහවල් 1 ට පමණ පටන් ගෙන ලංකා සංස්කෘතියට හා අනාගත පරපුරට වැදගත් දායාදයන් රාශියක් හිමිකර දෙමින් විකාශනය වේ.. එනම් ලෝකය දිහා වෛරයෙන් බලන්න උගන්වයි.. වෛර කිරීමෙන් ජයග්‍රහණය ලබාගත හැකි බවද උගන්වයි.. ඊර්ශාව කරන්න උගන්වයි.. ඊර්ශාව ලෝකයේ තිබෙන සුන්දරම දෙයක් බවද එය අප එකිනෙකාට කරගත යුතුම දෙයක් බවද උගන්වයි.. අනියම් සම්බන්දතා ඇතිකර ගන්නා ආකාරය උගන්වයි..  අනියම් සම්බන්දතා හා  විවාහය දෙදරායාම සාමාන්‍ය දෙයක් බවත් ඔබ ගැහැනියක් නම් ඔබේ මිනිහාගෙන් තෘප්තිමත් වනවාට අමතරව වෙනත් මිනිස්සු කිහිපදෙනෙකුගෙන් තෘප්තිමත් වීමටත් ඔබ මිනිහෙක් නම් ගැහැනුන් කිහිප දෙනෙකුගෙන් තෘප්තිමත් වීම වාසනාවක් බවද ඒ වගේම එය සාමාන්‍ය දෙයක් බවද අනාගත පරපුරට හා දූ දරුවන්ට ප්‍රයෝගික පින්තූර රාමු ඔස්සේ පියවරෙන් පියවර උගන්වයි.. මෙවැනි සම්බන්දතා ඇතිකර ගැනීම නවීන සංස්කෘතියක් හිමි ජාතියක වැදගත් ලක්ෂණයක් බවද උගන්වයි..  දෙමවුපියන් දරුවන්ට වෛර කරන ආකාරයත්, දරුවන් දෙමාපියන්ට වෛර කරන ආකාරයත් සරලව ළමා මනසට තේරෙන විදියට උගන්වයි.. අනුන්ගේ දේපල කඩා වඩා ගැනීම හොඳ දෙයක් බවද ඉන් පසුව ඔවුන් උපක්‍රම ශීලීව විනාශ කර දමන ආකාරය ද උගන්වයි.. මවක් යනු දුෂ්ටයෙක් බවත්, එකම පවුලක් තුල දුෂ්ටකම් තිබිය යුතු ගුණාංගයක් බවත් අනෙකා මලත් කමක් නෑ තමනේ බඩ ගොස්තරය පිරෙනවානම් එක තමයි නියම ක්‍රමය බවත් උගන්වයි..  අම්ම අප්පා නැති දරුවන් තමයි හොඳ දරුවෝ කියලා අම්ම අප්පා නොහඳුනන අවජාතක සංස්කෘතියක් බිහිකිරීමට උත්සාහ දරයි.. දෙමාපියන් හා දරුවන් එකිනෙකාට විරුද්ද සතුරන් විය යුතු බව ද තම බඩගෝස්තරය වෙනුවෙන් හා පලිගැනීම වෙනුවෙන් කේලම් කීම, කෙටවීම, අපහස කිරීම ආදී දෑ කලයුතු බව උගන්වයි.. සැබවින්ම මෙම බොහෝ වසල ගුණාංග ඇති  ප්‍රධාන ගුරු වසලයාත් ඔහුගේ අනුගාමිකයනුත් කවරහුද?

    සොයා බැලීම ජනතා අධිකරණයට භාරකරමු..

        මේ සමාජයට යහපත උගන්වන, අප දෙපා නමැද වඳින තෛනායක හිමියන්ද මර නින්දේය.. පාලකයින්ද සුර යහන වල මර නින්දේය.. වියතුන් කාමුක සැප ලබමින් නිදි යහනේය.. අපේ අහිංසක දුවා දරුවන් හා මවුපියන් පමණක් අවදියෙන්ය.. ඒත්... ඔවුන් රුපවාහිනිය දෙවියා කරගෙන භාව වන්දනාවේ යෙදෙන්නේය....
   
අති ගරු ජනාධිපති තුමනි.................

        මේ සමාජය වනසන මත් ද්‍රව්‍ය වලට විතරක් වාරණ දැම්මට මදිය.. මෙවැනි නාලිකා ඔස්සේ විකාශනය කරන විනාශකාරී සමාජ වෛරස් වපුරන කලා කෘති යැයි කියාගනු ලබන කොඩිවිනද වාරණයකට ලක්කළ යුතු කාලය එළඹ ඇත..

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money