Thursday, October 20, 2011

මහජනයාගේ නාලිකාව හෙවත් සියල්ලෝම රවටන සතුරා..

මහජනයාගේ නාලිකාව හෙවත් සියල්ලෝම රවටන සතුරා..          මේ දින වල එක්තරා නාලිකාවක විකාශනය වන මෙගා ටෙලි නාට්‍ය මාලාවක් වන "වසූදා", "කාව්‍යා", හා  "පතිනි" ලංකාවේ සිටින මවුපියන් සහ තරුණ පරම්පරාව කට ඇරගෙන බලන කොඩිවිනයකි. මෙම කොඩිවිනය සතියේ දින පහේම දහවල් 1 ට පමණ පටන් ගෙන ලංකා සංස්කෘතියට හා අනාගත පරපුරට වැදගත් දායාදයන් රාශියක් හිමිකර දෙමින් විකාශනය වේ.. එනම් ලෝකය දිහා වෛරයෙන් බලන්න උගන්වයි.. වෛර කිරීමෙන් ජයග්‍රහණය ලබාගත හැකි බවද උගන්වයි.. ඊර්ශාව කරන්න උගන්වයි.. ඊර්ශාව ලෝකයේ තිබෙන සුන්දරම දෙයක් බවද එය අප එකිනෙකාට කරගත යුතුම දෙයක් බවද උගන්වයි.. අනියම් සම්බන්දතා ඇතිකර ගන්නා ආකාරය උගන්වයි..  අනියම් සම්බන්දතා හා  විවාහය දෙදරායාම සාමාන්‍ය දෙයක් බවත් ඔබ ගැහැනියක් නම් ඔබේ මිනිහාගෙන් තෘප්තිමත් වනවාට...

රජාට අඳින්න කඩුව ගන්න ගිහින් ගොනාට ඇඳගන්න අපේ මවුපියන් හා සිසුදරුවන්..

රජාට අඳින්න කඩුව ගන්න ගිහින් ගොනාට ඇඳගන්න අපේ මවුපියන් හා සිසුදරුවන්..          ඉංග්‍රීසි භාෂාව අපේ දෛනික ජීවිතයට ඉතාමත් වැදගත් වන භාෂාවක්.. මොකද ගොඩක් රටවල ප්‍රධාන භාෂාවක් ලෙස භාවිතා කරන්නේ ඉංග්‍රීසි.. මෙම භාෂා මාධ්‍ය හරහා ගොඩාක් තොරතුරු ගන්නත් වැඩිදෙනෙකුට තොරතුරු ලබා දෙන්නත් පුළුවන්.. උදාහරණයකට අන්තර්ජාලය සලකන්න.. මෙමගින් කියවෙන්නේ දැනුමේ දොරටුව ඉංග්‍රීසි භාෂාව කියලයි..       මෙම භාෂාවේ වටිනාකම අප හැමෝම දන්නා දෙයක්.. ඒ නිසා අපගේ මෙම අවශ්‍යතාවය දඩමිමාකාර ගනිමින් ගුරුවරුන් ලෙස පෙනීසිටින වංචාකාරයින් හා බොරු කාරයින් පෞද්ගලික ඉංග්‍රීසි පාටමාලා  ඇතිකර ඇත. අද ලංකාවේ ගෙයක් හැර ගෙයක් ගානේ ඉංග්‍රීසි ටියුෂන් පංති ඇත.. සමහරු මහා පරිමාණයෙන් මෙම මුදල් ගැරීමේ කටයුත්තේ නියලී සිටින්නේ...

Wednesday, October 5, 2011

දැන්වීම් නැරබීමෙන් මුදල් උපයන්න.

දැන්වීම් නැරබීමෙන් මුදල් උපයන්න.       ඔන්න මම අද bux වෙබ් අඩවි වල  දැන්වීම් නැරඹීමෙන්  මුදල් හොයන්න ආකාරය ගැන උගන්වන්නම්. මේවාට කියන්නේ  "ක්ලික් කරාම මුදල් ගෙවනවා" යනුවෙනි එනම් මේවා. PTC ( Paid To Click ) අඩවි කියල තමයි ප්‍රසිද්ධ. මෙම ක්‍රමයෙන් මුදල් සොයන්න ඔයාලට අන්තර්ජාලය පිලිබඳ දැනුමක් ඕන නෑ. මේ වගේ වෙබ් අඩවි අන්තර්ජාලය තුල  ඕන තරම් තියෙනවා. එත් බොහොමයක් ඒවා ව්‍යාජ වෙබ් අඩවි. ඒකනිසා ඒවායින් ප්‍රවේසම් වෙන්න ඕන ඔයාලා.        මෙම වෙබ් වල (එනම් bux අඩවි වල)   අප ලියාපදිංචි වුනහම ඔවුන්  අපට  දිනපතා දැන්වීම් කිහිපයක්  නැරඹීමට අවස්ථාව  උදාකරලා දෙනවා. ඒවා තත්පර 4 සිට තත්පර 30 ක් හෝ විනාඩි 1ක් පමණ කාලයක් නැරඹීය යුතු වෙනවා. ඉතින් අපි...

බලනවානම් මෙන්න ටෙලි නාට්‍යක්.

බලනවානම් මෙන්න ටෙලි නාට්‍යක්.        මේ දින වල එක්තරා පෞද්ගලික නාලිකාවක විකාශනය වන "වසුදා" පිළිබඳව යමක් සඳහන් කිරීමට කැමැත්තෙමි. කාර්ය බහුල ජීවිතයක් ගතකරන අප සමාජයේ සියලු දෙනා ටෙලි නාට්‍යක් වැනි කලා මාධ්‍යක් නැරබීමෙන් බලාපොරොත්තු වන්නේ සිතට සැහැල්ලුවක් සහිත රසවින්දනයකි. එම අරමුණ පෙරදැරිව බිහිවන කලා නිර්මාණ මිනිසාට රසවින්දනය සමග සැහැල්ලුව හා දැනුමද ලබාදේ. එනමුදු අද බිහිවන සමහර ටෙලි නිර්මාණ තුලින් මුල සිට අග දක්වාම පතුරවන්නේ වෛරය, ක්‍රෝදය, කුහකබව, ඉර්ශාව, දුෂ්ටගති, පලිගැනීම වැනි අධම සිතුවිලිය. මෙවැනි දුෂ්ට කලා නිර්මාණ බිහි කිරීමේ අරමුණ කුමක්ද? මෙවැනි දුෂ්ට කලා නිර්මාණ විකාශනය කරන දුෂ්ට ආයතන වල සැඟවුණු අභිප්‍රාය කුමක්ද? මෙවැනි නිර්මාණ නරඹන බාල, තරුණ, මහළු සියලු දෙනාගේ යටි     මනසට...

Tuesday, September 27, 2011

මෙන්න අහගන්නකෝ අඩු වියදමකින් මී කතුරු සාදාගන්නා අකාරය..

මෙන්න අහගන්නකෝ අඩු වියදමකින් මී කතුරු සාදාගන්නා අකාරය..              ඔන්න දවසක පිස්සන් කොටුවේ පුංචි තාලේ උත්සවයක් තිබුණා. මේ උත්සවය තමයි පිස්සන්කොටුවේ හිටපු පිස්සෝ 45 දෙනෙක් පුනුරුත්තාපනය කරලා සමාජයට යහපත් පුරවැසියන් ලෙස මුදා හැරීමයි. මේ වැදගත් ජාතික උත්සවයට අපේ මැති ඇමති වරුන්ද සහභාගී උනා. උත්සවය ජයටම කෙරීගෙන යනකොට ඊ ලඟට තිබුණු මාතෘකාව තමයි පුනුරුත්තාපනය ඌ අයගේ කතා ඉදිරිපත් කිරීමේ අවස්ථාව. මේක ඉතින් වැදගත් නිසා පැමිණසිටි කාගේත් අවධානයට යොමු උණා. පළමුවෙන්ම තිබුනේ ජගත් අල්ල පනල්ලගේ කතාව. ඔහුගේ කතාවෙන් ඔහු වසර දෙකක් තුල ලැබූ පුහුණුව කොහොමද ඔහුගේ අනාගත ජීවිතය සාර්ථක කර ගන්නනේ කියල තමයි ඔහුගේ කතාවෙන් පැහැදිලි උනේ. ඔහුගේ මාතෘකාව උනේ අඩු වියදමකින් මී කතුරු සාදන ආකාරයයි.           ...

තුන්වන ලෝකයේ ඇති පන්ති භේදය

තුන්වන ලෝකයේ ඇති පන්ති භේදය         ආසියානු මහාද්වීපයේ ඇති බොහොමයක් රටවල් නොදියුණු රටවල් ගණයට අයත්වේ. මෙම රටවල ජනතාව හා පාලකයින් සිතනුයේ ඔවුන් දියුනුව කරා වේගයෙන් ගමන් කරන උදාර සංස්කෘතීන් හිමි ජාතීන් වෙසෙන රටවල් ලෙස වීම පුදුම දනවන්නකි. සැබවින්ම මෙය එසේමද? නැත.       මෙවැනි තුන්වන ලෝකයේ රටවල ප්‍රධාන වශයෙන් පන්ති භේදය හා කුල භේදය පවතින අතර පෞද්ගලික වාසි අරමුණු කරගත් ජනතා උසිගැන්වීම් වලින් පිරී ඇත. මීට ප්‍රධාන හේතුව මෙම රටවල වෙසෙන ජනතාව උගත් උවත් බුධිමත් නොවීමයි. මෙවැනි උගත් මෝඩ ජනතාවන් වෙසෙන රටවල, පෞද්ගලික අරමුණු අපේක්‍ෂා ඉටුකර ගැනීමට මාන බලන යක්ෂයින් නිසා ප්‍රජාතන්ත්‍රවාදය, මානුෂිකත්වය, හා සාධාරණත්වය වැනි ගුණාංග පිරිහී ඇති බවක් පෙනේ. ඒකාධිපතිත්වය, මැර බලය හා මුදල් යටිමඩි ගැසීම...

Page 1 of 212Next
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money